LOLC සමාගමේ මුල්‍ය දායකත්වයෙන් හා සිරස ආයතනයේ මාධ්‍ය අනුග්‍රහයෙන් ගලගෙදර හා හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨවල අඩු ආදායම්ලාභී පවුල් වෙත ප්‍රජාසත්කාරයක් ලෙස සහනාධාර මල්ලක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2022 .08.22 දින ගලගෙදර සංස්කෘතික මධ්‍යස්ථානයේදි LOLC ආයතනයේ නිළධාරීන්, සිරස මාධ්‍ය ආයතනයේ නිළධාරින්ගේ දායකත්වයෙන් අතිරේක දිස්ත්‍රික් ලේකම්, ගලගෙදර ප්‍රාදේශීය ලේකම්,හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවු වගයි.




මහනුවර දිස්ත්‍රික්කයේ විසිරි සිටින රැකියා විරහිත තරුණ තරුණයින් රැකියාගත කිරීම සදහා මිනිස්බල රැකිරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් හා මෙහයවිම මත මහනුවර දිස්ත්‍රික් රැකියා පොළ 2022.06.10 වන සිකුරාදා දින පෙ.ව.9.00 සිට ප.ව.3 දක්වා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ A හා B ලොබියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කොට තිබේ.මෙම වැඩසටහ සදහා පෞද්ගලික අංශයේ රැකියා සපයන ආයතන 20ක් පමණ සහභාගිවීමට නියමිත අතර මේ සදහා උනන්දුවක් දක්වන රැකියා අපේක්ෂිත ඔබත් එක්වන්න.
![]()
ලේ දන්දීමේ කදවුර
කන්දෙමිය ග්‍රාම සංවර්ධන සමිතිය ප්‍රමුඛ හතරලියද්ද කන්දෙමිය ග්‍රාම සංවර්ධන සමිතිය ප්‍රමුඛ හතරලියද්ද ග්‍රාම සංවර්ධන බල මණ්ඩලය සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ කදවුර 2022.03.16 වන දින හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.





සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමිව තුම්පනේ හා හතරලියද්ද බහු කාර්ය සංවර්ධන සහායකයන් එක්ව සංවිධානය කරන ලද කාන්තා වොලිබෝල් සහ පිරිමි ක්‍රිකට් තරගය 2022.03.19 වන දින ගලගෙදර ජබ්බර් මුස්ලිම් මධ්‍යම මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි . වොලිබෝල් (කාන්තා) සහ ක්‍රිකට් (පිරිමි) තරග ද්විත්වයේම ජයග්‍රහණය හතරලියද්ද බහු කාර්ය සංවර්ධන සහයකයින් දිනා ගන්න ලදී.





74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සහ රුක් රෝපණ වැඩසටහන හතරලියද්ද ප්‍රාදේශීය ලේකම්තුමාගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල පරිශ්‍රයේදි ද, ඒ හා සමගාමි වැඩසටහන් හතරලියද්ද කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරි වසම්වල ද පැවැත්විණි.

































