අයවැයෙන් වැඩ ලක්ෂයක්
ආහාර සුරක්ෂිතතාවත් , අලුත් ආදායම් උත්පාදනයත්, යටිතල පහසුකම් සංවර්ධනයත් ප්‍රමුඛව ප්‍රතිලාභ රැසක් සමගින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දිවයින පුරා දියත් කල " අයවැයෙන් වැඩ ලක්ෂයක් " ජාතික වැඩසටහනට සමගාමිව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 57 හි සංවිධානය කරන ලද සංවර්ධන ව්‍යාපෘති 2022.02.03 වන දින පෙ.ව.8.52 ට යෙදුණු සුභ නැකතින් ආරම්භ වූ වගයි.








සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරෝගිමත් දේශයක් බිහිකිරිමේ කාර්යය භාරය පෙරදැරි කර ගනිමින් "සුපිරිසිදු පරිසරයක් - නිරෝගිමත් හෙටක් " මැයෙන් දීප ව්‍යාප්ත ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන 2022.01.21 වන දින හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේදී පැවැත්විණි.









2022 වර් ෂ රාජකාරි කටයුතු ඇරඹීම.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ජාතික උත්සවයට සමගාමිව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.01.03 වන දින සෞඛ්‍ය ආරක්ෂිතව උත්සවාකාරයෙන් පැවැත්වූ වගයි.
එහිදී,
- ආගම දහමට මුල්තැන දෙමින් වැඩසටහනට මුල් පිරිම,
- ජාතික කොඩිය එසවීම,ජාතික ගීය වාදනය ,
- රණවිරුවන් සිහි කිරීම,
- රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීම,
- ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ විශේෂ දේශනය
- කිරි ඉතිරවීම
- සෙත්පිරිත් සජ්ජායනය
- කෙටි සුභ පැතුම් වැඩසටහන හා තේපැන් සංග්‍රහය
යන අංගයන්ගෙන් විචිත්‍රවත් විය.






රැකියා විරහිත උපාධිධාරින් සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම
රැකියා විරහිත උපාධිධාරින් රැකියා ගත කිරීමේ වැඩසටහන 2020 යටතේ බදවා ගත් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුහුණු අභ්‍යාසලාභීන් සදහා රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය 2022.01.14 වන දින ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යයාල පරිශ්‍රයේදි පැවැත්වීණී. මෙම අවස්ථාව සදහා ප්‍රාදේශීය සභාපති ඇතුළු දේශපාලන අධීකාරිය , හතරලියද්ද ප්‍රාදේශීය ලේකම්තුමා , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන් සහ පත්වීම්ලාභී උපාධීධාරීන් සහභාගි විය.
“ස්ථීර පත්වීම් ලබා රාජ්‍ය සේවයට එක්වන නවක සංවර්ධන නිලධාරීන්ට හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපගේ සුභ පැතුම්.”




















