අපගේ දැක්ම
උත්තරීතර සේවාවක්, සුසංවාදි ජන දිවියක්අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව , සඵලදායි ප්‍රවේශයක් තුළ, සම්පත් සම්බන්ධීකරණය සහ යහපාලනය තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීමහතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.
මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ මැතිවරණ කොට්ඨාශයට අයත් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද, නැගෙනහිරින් හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ද, දකුණින් යටිනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ද, බටහිරින් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ද, මායිම් වේ.
ප්‍රජා හා භෞතික සංවර්ධනයක් ලඟා කර දීම වෙනුවෙන් තුම්පනේ ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් වෙන්ව හතරලියද්ද ප්‍රාදේශීය බල ප්‍රදේශය පිහිටුවන ලද්දේ 2000.04.10 වන දින දීය. ආරම්භක අවස්ථාවේදී කුලී පදනම මත කාර්යාලයක් පවත්වාගෙන ගියද එම ඉඩම පවරාගෙන මනරම් දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකරන ලද්දේ 2005.11.13 වන දින දීය.
භූ විෂමතා
තැන තැන රෝපිත ගෙඋයන්, දිය ඇලි මතින් පිරුණ අලගල්ල, කොළුගල, ගැරඩිගල නම් පර්වත තුනක් වටවූ හතරලියද්ද ප්‍රදේශය වර්ග සැතපුම් 62 පුරා දිව යනු ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 1500-2500 අතර උසින් පිහිටි මෙම රමණීය බිම් පෙදෙසෙහි සම සීත උෂ්ණ දේශගුණයක් පවති. සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 26-27අතර පවතී. වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1750කි. ග්‍රාමීය ජල වහන රටාව ප්‍රදේශය තවත් සුන්දර කරන වග කිව යුතුමය. රඹුකන් ඹය ප්‍රදේශය සරු කරන්නට දරන මෙහෙය ප්‍රදේශයේ ගොවීන්ගෙන් අහ දැන ගත හැකිය.
රතු බොරළු පස, මැටි මිශ්‍ර ලොම් පස හා රතු කහ ලැටසොලික් පස ප්‍රදේශයේ ප්‍රධාන පස් වර්ග වේ. සිංගාහේන ප්‍රදේශය ආසන්නයේ පිහිටි සුදු තිරිවනා ගල් සහිත භූමිය ප්‍රදේශයට ලැබී ඇති ස්වභාවික සම්පතකි.
උරුමයක සටහන
ඓතිහාසිකත්වය අතරින් ගත් කළ අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියානණ් උපන් පුණ්‍ය භූමිය හතරලියද්ද ප්‍රදේශය ලේකම් බල ප්‍රදේශයට අයත් සංඝරාජපුර ග්‍රාමයයි. බොදු සුවද විහිදා ඉපැරණි විහාරස්ථාන 33ක් පිහිටා තිබේ. ඒ විහාරස්ථාන අතර අපේ උරුමය ලොවට හඩගා කියන්නට විරාජමානව නැගී සිටින ටැම්පිට විහාරස්ථාන ගණනක් පවති. නුවර යුගයේ චිත්‍ර ලෙන් චිත්‍ර එදා සිත්තරුවන් අතරින් නිම වී තිබේ. මල් කමින් ලිය කමින් නිමවුන චිත්‍ර අපේ කලාකරුවන් නිසග හැකියා කියා පෑ වග පෙනේ.
පරිපාලන රටාව පිළිබදව විමසා බලන විට ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 57 කට බෙදා තිබේ. රාජ්‍ය පරිපාලනය ගමට ගෙන යන්නට වෙහෙසෙන රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉටුවෙන මෙහෙයන් ප්රසංශාවෙන් සටහන් කල හැකිය.
ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| විජේරත්න සකලසූරිය මයා | 2000.04.10 | 2000.06.19 |
| දයා එල්.සිරිවර්ධන මයා | 2000.06.20 | 2003.05.06 |
| බී.ජී.එච්.එම්.සුගතදාස මයා | 2003.05.23 | 2005.07.13 |
| ඊ.එම්.එච්.බී.ඒකනායක මයා | 2005.07.13 | 2007.08.16 |
| එස්.සේනානායක මහතා | 2007.08.17 | 2011.12.31 |
| කේ.පී.සිරිබද්ධන මයා | 2012.02.03 | 2017.02.22 |
| ඩබ්ලිව්.ජී.එම්.හේමන්ත කුමාර මයා | 2017.04.07 | මේ දක්වා |













