සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික සහ සැදෑ සමය අඩු මුදලක් ගෙවා නේවාසිකව ගත කිරීමට ඔබත් කැමති නම් මෙම ස්වර්ණමය අවස්ථාව ඔබ සඳහායි. අවස්ථා 05 ක් පමණි.
වැඩි විස්තර සඳහා මෙම දුරකථන හරහා සම්බන්ධ වන්න.
සමාජ සේවා නිළධාරි - 071 5296215
........."අලුත් ගමක් අලුත් රටක්"..........
ජාතික ඒකාබද්ධතා සහභාගීත්ව සංවර්ධන වැඩසටහන යටතේ ලියාපදිංචි නොවූ උප්පැන්න, විවාහ ,මරණ ලියාපදිංචි කිරීම සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් 2023.05.18 දින පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ජංගම සේවාවක් පැවැත්විණි.
මෙම ජංගම වැඩසටහන මහනුවර මධ්‍යම කලාප කාර්යාලයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය ,හතරලියද්ද ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය පරිපාලන ග්‍රාම නිලධාරී තුමිය සහ කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීන්,අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්,කොට්ඨාසයේ රෙජිස්ට්‍රාර්වරුන් සහ කාර්යාලය කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් ඉතා සාර්ථකව සිදුකෙරුණි.
මෙහිදී ලියාපදිංචි නොවූ උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචිය සිදු කළ අතර කොට්ඨාසයේ සේවාලාභීන් 66 දෙනෙකු මෙම ජංගම සේවාව මගින් තම අවශ්‍යතා සාර්ථකව ඉටු කර ගන්නා ලදි.

"ළමා සහභාගිත්වයේ සොඳුරු මිටියාවත"
සියල්ලට වඩා දරුවන් වටී - ලෝක ළමා දිනය තේමා කරගනිමින් හතරලියද්ද කොට්ඨාසයේ දරුවන් සදහා 2023 ලෝක ළමා දින නායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන නාරංගස්පිටිය ක්‍රීඩාපිටිය හා රද්දැල්ල ඔය ආශ්රිත ප්රාදේශයෙහි 2023.10.07 දින පැවැත්වු වගයි

2023 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීමේ ජාතික උත්සවයට සමගාමිව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් වර්ණවත් ලෙස පැවැත් වූ වගයි.