අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

27
මැයි2026
කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

කොටිකාම්භ වැඩිහිටි නිවාසයේ නේවාසික පහසුකම්

  සාමකාමී පරිසරයක්,රජයේ වගකීමක් සහිතව ඔබගේ විශ්‍රාමික...

13
දෙසැ2023
ජංගම සේවාව

ජංගම සේවාව

             ...

10
ඔක්2023
ළමා සහභාගිත්වයේ සොඳුරු මිටියාවත

ළමා සහභාගිත්වයේ සොඳුරු මිටියාවත

"ළමා සහභාගිත්වයේ සොඳුරු මිටියාවත" සියල්ලට වඩා දරුවන්...

 WhatsApp Image 2024 02 19 at 11.05.18 AM 1

ප්‍රාදේශීය ලේකම්

ටී.එම්.කේ.බී.වීරසිංහ මයා

 

 

 MADAM

  සහකාර ප්‍රාදේශීය ලේකම්

 එස්.ඒ.එස්.ඩී.ජයසූරිය.මෙය

 20200108 111058

 

ගණකාධිකාරී

එල්.එම්.ටී.එම්.ලංසකාර මෙය

 

ADP

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

එච්.ජී.ජයවර්ධන මයා

 GSMISS

 

 ඩබ්ලිව්.පී.එස්.කේ.අබේරත්න  මිය

පරිපාලන ග්‍රාම නිලධාරි

 

  WhatsAppp Image 2024 07 01 at 10.31.16 AM

 

පරිපාලන නිලධාරි

එම්.එම්.එම්.ඩී,සී.කේ.මීදෙණිය මිය

 

කාර්ය මණ්ඩල තොරතුරු (2022.02.18 දිනට) :

සේවා මට්ටම තනතුර සේවාව අනුමත සංඛ්‍යාව දැනට සිටින සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාව

ජ්‍යෙෂ්ඨ මට්ටම

ප්‍රාදේශිය ලේකම් SLAS 01 01 -
සහකාර ප්‍රාදේශිය ලේකම් SLAS 01 01 -
ගණකාධිකාරි SLAcS 01 01 -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) SLPS 01 - 01
තෘතීයික මට්ටම පරිපාලන නිළධාරි PMAS (Supra) 01 - 01
පරිපාලන ග්‍රාම නිළධාරි GN (Supra) 01 - 01
භාෂා පරිවර්තක(සිංහල-ඉංග්‍රීසි)   01 01 -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්   01 -
ද්විතීයික මට්ටම සංවර්ධන සම්බන්ධිකාරක AS 01 - -
සංවර්ධන නිළධාරි DOS 07 13 -
සංවර්ධන නිළධාරි (සංවර්ධන) DOS 66 66 -
තාක්ෂණ නිලධාරි SLTS 02 01 -
තාක්ෂණ නිලධාරි (පළාත්සභා) SLTS 01 01 -
රාජ්‍ය කළමණාකරණ සහකාර PMAS 25 24 -
ග්‍රාම නිළධාරි GNS 57 51 06
තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නිලධාරි SLICTS 01 01 -
තාක්ෂණ සහයක Departmental 01 01 -
ප්‍රාථමික මට්ටම කාර්යාල කාර්ය සහායක OES 07 05 02
රියදුරු CDS 02 02 -
බහු කාර්ය    12 12  

 

අපගේ දැක්ම

උත්තරීතර සේවාවක්, සුසංවාදි ජන දිවියක්

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව , සඵලදායි ප්‍රවේශයක් තුළ, සම්පත් සම්බන්ධීකරණය සහ යහපාලනය තුළින් ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම

හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ මැතිවරණ කොට්ඨාශයට අයත් හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද, නැගෙනහිරින් හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ද, දකුණින් යටිනුවර  ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ද, බටහිරින් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් ද, මායිම් වේ.

ප්‍රජා හා භෞතික සංවර්ධනයක් ලඟා කර දීම වෙනුවෙන් තුම්පනේ ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් වෙන්ව හතරලියද්ද ප්‍රාදේශීය බල ප්‍රදේශය පිහිටුවන ලද්දේ 2000.04.10 වන දින දීය. ආරම්භක අවස්ථාවේදී කුලී පදනම මත කාර්යාලයක් පවත්වාගෙන ගියද එම ඉඩම පවරාගෙන මනරම් දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකරන ලද්දේ 2005.11.13 වන දින දීය.

භූ විෂමතා

තැන තැන රෝපිත ගෙඋයන්, දිය ඇලි මතින් පිරුණ අලගල්ල, කොළුගල, ගැරඩිගල නම් පර්වත තුනක් වටවූ හතරලියද්ද ප්‍රදේශය වර්ග සැතපුම් 62 පුරා දිව යනු ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 1500-2500 අතර උසින් පිහිටි මෙම රමණීය බිම් පෙදෙසෙහි සම සීත උෂ්ණ දේශගුණයක් පවති. සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 26-27අතර පවතී. වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර් 1750කි. ග්‍රාමීය ජල වහන රටාව ප්‍රදේශය තවත් සුන්දර කරන වග කිව යුතුමය. රඹුකන් ඹය ප්‍රදේශය සරු කරන්නට දරන මෙහෙය ප්‍රදේශයේ ගොවීන්ගෙන් අහ දැන ගත හැකිය.

රතු බොරළු පස, මැටි මිශ්‍ර ලොම් පස හා රතු කහ ලැටසොලික් පස ප්‍රදේශයේ ප්‍රධාන පස් වර්ග වේ. සිංගාහේන ප්‍රදේශය ආසන්නයේ පිහිටි සුදු තිරිවනා ගල් සහිත භූමිය ප්‍රදේශයට ලැබී ඇති ස්වභාවික සම්පතකි.

උරුමයක සටහන

ඓතිහාසිකත්වය අතරින් ගත් කළ අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියානණ් උපන් පුණ්‍ය භූමිය හතරලියද්ද ප්‍රදේශය ලේකම් බල ප්‍රදේශයට අයත් සංඝරාජපුර ග්‍රාමයයි. බොදු සුවද විහිදා ඉපැරණි විහාරස්ථාන 33ක් පිහිටා තිබේ. ඒ විහාරස්ථාන අතර අපේ උරුමය ලොවට හඩගා කියන්නට විරාජමානව නැගී සිටින ටැම්පිට විහාරස්ථාන ගණනක් පවති. නුවර යුගයේ චිත්‍ර ලෙන් චිත්‍ර එදා සිත්තරුවන් අතරින් නිම වී තිබේ. මල් කමින් ලිය කමින් නිමවුන චිත්‍ර අපේ කලාකරුවන් නිසග හැකියා කියා පෑ වග පෙනේ.

පරිපාලන රටාව පිළිබදව විමසා බලන විට ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 57 කට බෙදා තිබේ. රාජ්‍ය පරිපාලනය ගමට ගෙන යන්නට වෙහෙසෙන රාජ්‍ය නිළධාරීන්ගෙන් ඉටුවෙන මෙහෙයන් ප්‍රසංශාවෙන් සටහන් කල හැකිය.

ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
විජේරත්න සකලසූරිය මයා 2000.04.10 2000.06.19
දයා එල්.සිරිවර්ධන මයා 2000.06.20 2003.05.06
බී.ජී.එච්.එම්.සුගතදාස මයා 2003.05.23 2005.07.13
ඊ.එම්.එච්.බී.ඒකනායක මයා 2005.07.13 2007.08.16
එස්.සේනානායක මහතා 2007.08.17 2011.12.31
කේ.පී.සිරිබද්ධන මයා 2012.02.03 2017.02.22
ඩබ්ලිව්.ජී.එම්.හේමන්ත කුමාර මයා 2017.04.07 මේ දක්වා
Scroll To Top