ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
හතරලියද්ද කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2021.11.21 වන දින කමිටු සභාපති ගරු විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල් පීරිස් මැතිතුමන්, සෞඛ්‍ය අමාත්‍ය ගරු.කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමන්, අමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක පුජ්‍ය කහගල සීලානන්ද හිමියන්ගේ සහභාගිත්වයෙන් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා ගරු සභාපති තුමන් ඇතුළු මන්ත්‍රීරීවරුන් හා විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.













