විශ්රාම වැටුප් අංශයෙන් ලබාගත හැකි සේවාවාන්
- විශ්රාම වැටුප් ගෙවීම
- සංශෝධිත විශ්රාම වැටුප් ගෙවීම
- වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප් ගෙවීම
- ආබාධික විශ්රාම වැටුප් පරීක්ෂණ පැවැත්වීම
- දස අවුරුදු විශ්රාම වැටුප් සැකසීම
- දුම්රිය බලපත්ර නිකුත් කිරීම
- වැටුප් විස්තර ලබාදීම
- බැංකු මාරු කිරීම් (විශ්රාමික)
වැන්දඹු අනත්දරු විශ්රාම වැටුප සකස් කර ගැනීම
PD4 ආකෘති පත්රය කාර්යාලයේ විශ්රාම වැටුප් අංශයෙන් ලබාගෙන එය සම්පූර්ණ කර පහත ලියකියවිලි සමග භාරදිය යුතුය.
- වැන්දඹු සාදාගැනීම සදහා ඉල්ලීම් ලිපියක්
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- හැදුනුම්පතේ ග්රාම නිලධාරී විසින් සහතික කළ පිටපත
- බැංකු ගිණුමේ පිටපත
- පදිංචි සහතිකය
- නම්වල වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්රකාශයක්
- ග්රාම නිලධාරී විසින් සහතික කළ පාස්පෝට් ප්රමාණයේ ඡායාරූප 02 ක්
- මරණ සහතිකය
- වැන්දඹු අනත්දරු කාඩ්පත













