සෞභාග්‍යා සතියට සමගාමීව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි අංශය මගින් සංවිධානය කරන ලද වැඩසටහන 2021.07.07 දින සාර්ථකව පවත්වන ලද අතර ඒ සඳහා සහභාගී වූ ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය කහගල සීලාලංකාර හිමියන්ට තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු එස්.එම්.ආර්.බී.සමරකොන් මැතිතුමා ට හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් තුමාට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියට හා සහයෝගය දැක් වූ සියලු නිලධාරීන් ට සමෘද්ධි අංශයේ ගෞරවය පුදකර සිටිමි.
- සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය
- නව සහනාධාර ලබා දීම
- නිවාස ලොතරැයි ජයග්‍රහණය කරන ලද අය ට චෙක් පත් ප්‍රදානය
- සමෘද්ධිලාභී ගෙවතු සදහා කහ පැළ ලබා දීම
- දිරිය පියස නිවාස විවෘත කිරීම
සිදු කරන ලදී.
























